විසඳුම් නොලැබුණහොත් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් - උතුරුමැද සෞඛ්‍ය රියදුරන්

Friday, 23 December 2016 - 12:57

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A
සිය ගැටළු විසඳීමට බලධාරීන් මැදිහත් නොවුණහොත් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පළාත් සභා සෞඛ්‍ය රියදුරන් සූදානම් වනවා.

මේ වනවිටත් ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බවයි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමය පවසන්නේ.

තම සේවය දෙපාර්තමේන්තු ගත සේවයක් ලෙස ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් උතුරු මැද පළාතේ සෞඛ්‍ය රියදුරන් පෙරේදා දිනයේ වැඩවර්ජනයක් ආරම්භ කළා.

ඔවුන් ඊයේ දිනය වනවිට උපවාසයක්ද ආරම්භ කළේ පළාත් බලධාරින් ගැටළුව විසඳීමට කිසිදු අයුරකින් මැදිහත් නොවූ බව පවසමින්.  

මේ අතර සෞඛ්‍ය රියදුරන්ගේ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට මේ වනවිට උතුරුමැද  පළාත් රෝහල්වල සුළු සේවකයන්ද සහයෝගය පළ කර තිබෙනවා.

එහි පළමු පියවර ලෙස පළාත් සෞඛ්‍ය සේවයේ  රියදුරෙකු නොමැතිව ගමන් කරන කිසිදු ගිලන් රථයක සේවය නොකිරීමට තීරණය කර ඇති බවයි ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ලේකම් පී. ධනපාල ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories