වී අලෙවි මණ්ඩලයට චෝදනාවක්

Friday, 23 December 2016 - 13:17

%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය මෙතෙක් වී නිකුත් කර ඇත්තේ මහ පරිමාණ වෙළඳුන් දසදෙනෙකුට පමණක් බව මරඳගහමුල සහල් නිපදවන්නන්ගේ සංගමය චෝදනා කරනවා.

මේ නිසා සුළු පරිමාණ වෙළඳුන්ට අසාධාරණයක් සිදුවී ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති බී.කේ. රංජිත් ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙම වී තොග ලබාදුන් පුද්ගලයින් සහ ලබාදුන් ප්‍රමාණ රටට හෙළි කළ යුතු බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල පවතින වී තොග මුදාහැරීමට රජය පසුගියදා තීරණය කළේ මේ වනවිට වෙළඳපොලේ ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහායි.

වී තොග ලබාගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළද, මෙතෙක් එම වී තමන්ට නොලැබුණු බව මාධ්‍ය හමුවට එක්වෙමින් මරදගහමුල සහල් නිපදවන්නන්ගේ සංගමයේ උප සභාපති ඒ. රණසිංහ කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories