මගීන් 118ක් සමඟ ගුවන් යානයක් පැහැරගනී (ඡායාරූප)

Friday, 23 December 2016 - 16:54

%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+118%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලිබියාවට අයත් ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්ව තිබෙනවා.

ලිබියාවේ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදී සිටියදී එය මෝල්ටාවට ගොඩබස්වා ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

පැහැර ගැනීමට ලක්වන විට එහි පුද්ගලයන් 118 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.

යානය තුල බෝම්බයක් ඇති බවට පවසමින් පුද්ගලයන් දෙදෙනෙකු යානය මෝල්ටාවට ගොඩබැස්වීමට තර්ජනය කර ඇතැයි සඳහන්.

මෝල්ටා අගමැතිවරයා සඳහන් කර ඇත්තේ යානයට දැඩි ආරක්ෂාවක් තම රට තුලදී ලබාදී ඇති බවයි.

එමෙන්ම යානයේ සිටින මගීන් බේරා ගැනීමේ ක්‍රියාමාර්ග ගනිමින් ඇතැයි ද ඔහු ප්‍රකාශකර තිබෙනවා.

මේ අතර මේවන විට සිය ගුවන්තොටුපල තුල නොසන්සුන්කාරී තත්වයක් නිර්මාණය වී ඇති බව මෝල්ටා ජාත්‍යන්තර ගුවන්තොටුපල සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශකර තිබෙනවා.

හදිසි තත්වයකට මුහුණදීම සඳහා ආරක්ෂක අංශ සුදානම් කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

යානය පැහැර ගැනීමට හේතුවක් හෝ ඔවුන්ගේ ඉල්ලීමක් පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර මෝල්ටා ගුවන්තොටුපලේ සියලු ගුවන්ගමන් යළි දැනුම්දෙන තෙක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories