සේවයට නොපැමිණි හමුදා සාමාජිකයින් 4441 දෙනෙකු සිදුකළ දේ

Saturday, 24 December 2016 - 7:25

%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92++%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4441+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A
දෙසැම්බර් පළවනදා සිට 31 වනදා දක්වා ත්‍රිවිධ හමුදාවට අදාලව ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන ආරක්ෂක අංශ සාමාජිකයින් 4441 ක් යළි හමුදාවට භාර වී තිබෙනවා.

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටි ඔවුන් නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

යුද හමුදාවට අයත් නිලධාරින් 5 දෙනෙකු සහ සෙසු නිලයන් 3868 දෙනෙකු එම පිරිස අතර සිටිනවා.

ගුවන් හමුදාවේ නිලධාරින් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 165 ක් මෙන්ම, නාවික හමුදාවේ නිලධාරින් දෙදෙනෙකු සහ සෙසු නිලයන් 388 දෙනෙකු මෙලෙස පොදු සමා කාලය තුල භාරවූ පිරිසට අයත්.

අදාළ කාලසීමාව තවදුරටත් දීර්ඝ නොකරන අතර, අනතුරුව සේවයට වාර්තා නොකර සිටින පිරිස් අත්අඩංගුවට ගෙන හමුදා නීතිය අනුව විනයානුකූල පියවර ගන්නා බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories