බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාවේ අපේක්ෂාව ගැන කියයි

Saturday, 24 December 2016 - 7:40

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ ලබන වසරේ අපේක්ෂාව වී ඇත්තේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩෝරිස් පවසනවා.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ නත්තල් සහ නව වසරට සුභ පැතුම් එක් කරමින්.

නව ව්‍යවස්ථාව තුලින් සංහිදියාව වැඩි වශයෙන් තහවුරුනු ඇති බවද ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාව වි ඇති බවද බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් වරයා සිය සුභ පැතුම් පණිවුඩයේ සදහන් කර තිබෙනවා.

ප්‍රජාවන් අතර සහජිවන ක්‍රියාවලිය පෙර වසරට වඩා මේ වසර තුල වර්ධනීය තත්ත්වයක් පෙන්නුම් කර ඇති බවයි බ්‍රිතාන්‍ය කොමසාරිස් වරයා අවධාරණ කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වලදි විවිධ ක්ෂේත්‍ර සදහා බ්‍රිතාන්‍ය ලබා දි ඇති සහාය වඩා සාධනීය මට්ටමක පවතින බවත් ඉදිරියේදි ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය මුහුණ දෙන අභියෝග කෙරෙහිද අවධානය යොමුකෙරෙන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

2016 වසරේදි බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර සබදතාවන් හි ඇති වූ ප්‍රගතිය ගැන ද සිය අවධානය යොමු වන බව මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේ යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories