ව්‍යවස්ථා සංශෝධන අනු කමිටු යෝජනා ගැන විවාදය, ජනවාරි 9යේ සිට දින 3ක්

Saturday, 24 December 2016 - 13:14

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+9%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+3%E0%B6%9A%E0%B7%8A
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කටයුතු කරන අනු කමිටු හයේ වාර්තා පිළිබඳව ලබන වසරේ පාර්ලිමේන්තු ආරම්භක දිනයේ සිට දින 3ක් විවාද කිරීමට තීරණය කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළේ ජනවාරි 9 වන දා පාර්ලිමේන්තුව රැස් වන අතර, එදින සිට 11 වන දා දක්වා අදාළ විවාදය පැවැත්වෙන බවයි.

9 වන දා පෙරවරු 9.30ට රැස්වන පාර්ලිමේන්තුවේ මූලික කටයුතු අවසන් වීමෙන් පසු පෙරවරු 10 සිට පස්වරු 6.30 දක්වා මෙම අනු කමිටු වාර්තා පිළිබඳ සංවාදය පැවැත්වෙනු ඇති.

එසේම 10 සහ 11 යන දින දෙකෙහි පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා අදාළ විවාදය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

එහිදී යෝජනා කෙරෙන කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් පත් කළ අනු කමිටු හයේ වාර්තා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒවායේ ඇතුළත් ඇතැම් කරුණු පිළිබදව පුළුල් සංවාදයක් මතු වූ අතර, පසුව ආණ්ඩුව ප්‍රකාශ කළේ ඒ පිළිබද පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories