බලතල අඩු නොකරන බවට අගමැති පොරොන්දු වුවත්, සංවර්ධන පනත් කෙටුම්පත පළාත් සභාවල විවාදයට

Saturday, 24 December 2016 - 13:27

%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7
පරාජයට පත්වූ දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යයට අයත් වැය ශීර්ෂය දෙසැම්බර් 27 වන දා යළි විවාදයට ගන්නා බව පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක ප්‍රකාශ කළා.

පසුගිය 10 වන දා එය සභාවට ඉදිරිපත් කළ අතර එහිදී අදාළ වැය ශීර්ෂය පරාජයට පත්වුණා.

ඉන් අනතුරුව අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළ ද ජනාධිපතිවරයා සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි සිය තීරණය වෙනස් කළ බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්,යළි ඡන්ද විමසීමක් සිදුකළ ද තමන් ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් පෙර පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය වැය ශීර්ෂයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවයි දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල්  සඳහන් කළේ.

මේ අතර, සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත බස්නාහිර පළාත තුළ 29 වන දා විවාදයට ගන්නා බව පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එහි ඇති අඩුපාඩු පිළිබදව ඊයේ අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ බවයි.

අදාළ පනත් කෙටුම්පත මගින් පළාත් සභා සතු බලතල කප්පාදුවක් සිදු නොවන බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියේ පනත් කෙටුම්පත පළාත් සභාව තුළ අනිවාර්යයෙන් විවාදයට ලක් කරන බවයි.

එම පනත් කෙටුම්පත මීට පෙර ඌව පළාත් සභාවේදී අනුමැතිය සඳහා යොමු කළ ද පරාජයට පත්වුණා.

ඊයේ දිනයේදී උතුරු පළාත් සභාව මෙන්ම උතුරුමැද පළාත් සභාව මෙම පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත්, පළාත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී  විවාදයට ගැනීමට කටයුතු කරන බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories