වැඩියෙන් දුම් පිට කරන කම්හල්වලට නඩු

Saturday, 24 December 2016 - 18:45

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
නියමිත ප්‍රමිති හා ප්‍රමාණ සැළකිල්ලට නොගෙන පරිසරයට අහිතකර වායු මුදාහරින කර්මාන්තශාලාවලට එරෙහිව ඉදිරියේදී දැඩි නීිිතිමය පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ පරිසර දූෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් සංජය රත්නායක සඳහන් කළේ සංචරණ වායු තත්ත්වයන් පිළිබඳ වූ ප්‍රමිති හා ප්‍රමාණ සම්බන්ධයෙන් සියලු කර්මාන්තශාලා දැනුවත් කර ඇති බවයි.

එමෙන්ම මාස තුනකට වරක් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා පිහිටි සියලුම කර්මාන්තශාලා අධීක්ෂණය කරන බවද නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.

ඊට අමතරව පරිසරයට හිතකර නොවූ ශබ්දය මුදාහරින සහ ජලය අක්‍රමවත්ව බැහැර කරන කර්මාන්තශාලා සම්බන්ධයෙන්ද දැඩි නීතිමය පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් සංජය රත්නායක කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories