සැමට ප්‍රේමය දායාද කරමු - ජනපති නත්තල් පණිවුඩයෙන් කියයි

Sunday, 25 December 2016 - 7:25

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
විශ්වීය මංගල්‍යයක් ලෙස සමරණ නත්තල තුළ මහා දයාවේ ලෙන්ගතු රිද්මය රැඳී පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

නත්තල් සැමරුම වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වසර දෙදහස් ගණනකට පෙර ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ උපත ලබන්නේ අවිචාරය, සැහැසි බව සහ කෲරත්වය පිරුණු සමයක බවයි.

දිළිඳු ගවලෙන කේන්ද්‍ර කරගනිමින් ගලා ගිය නව ආගමික දැක්මක ආලෝකය මානව උදාරත්වයේ මාර්ගය පෙන්නුම් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරනවා.

සියල්ලන් කෙරෙහි ප්‍රේමය දායාද කරමින් නත්තල සැමරිය යුතු බවයි ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ක්‍රිස්තූන් වහන්සේගේ උපත මානව ඉතිහාසයේ සුවිශේෂ සංසිද්ධියක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය නත්තල් පණිවුඩයෙන් ප්‍රකාශ කරනවා.

සාමය, ප්‍රේමය මුල්කරගනිමින් උන්වහන්සේ ගෙන ගියා වූ අවිහිංසාවාදී විප්ලවය ජීවිතය තුළ අත්දකින්නට මෙන්ම සියල්ලන් සමඟ සහජීවනයෙන් දිවි ගෙවන්නට අද දිනයේ අදිටන් කරගත යුතු බවයි ඔහු කියා සිටියේ.

නත්තල වනා හී සංහිඳියාවේ විමුක්ති මග කියන්නට කැපවූ ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ ආගමනය බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද නත්තල් සැමරුම වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

ඔහු සඳහන් කරන්නේ තමන් පමණක් නිවැරදිය යන මතයෙන් අන්ධ වී සිටින මිනිසුන්ට ක්‍රිස්තූන් වහන්සේ නිවැරදි මග කියා දුන් බවයි.

නිහතමානීත්වය, සමඟිය වැනි උතුම් මානුෂික ගුණාංග නත්තල අරුත් ගන්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

පීඩාවට පත්වූවන්ගේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම මෙන්ම ඒ වෙනුවෙන් අරගල කිරීම ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ ජීවිතයේ ඇති මහඟු ආදර්ශය බව ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නත්තල් දින සුබපැතුම් පණිවුඩයේ දැක්වෙනවා.

එකිනෙකා වෙත දයාව පතුරුවන සමගි සම්පන්න සමාජයක් ගොඩනැගීමට ජනතාව අධිෂ්ඨාන සහගත විය යුතු බව එහි වැඩිදුරටත් සඳහන්.  









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories