සීමානිර්ණ අවසන් වාර්තාව හෙට

Monday, 26 December 2016 - 7:33

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
පළාත්පාලන ආයතනවල සීමා මායිම් ලකුණු කර සකස් කෙරුණු සීමා නිර්ණය කමිටු වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත හෙට භාරදීමට නියමිතයි.

පළාත්පාලන සීමා නිර්ණය පිළිබඳ පැමිණිලි සළකා බලා අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් අශෝක පීරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කෙරුණා.

එම කමිටුව ඉකුත් වසරේ දෙසැම්බර් මස පළමුවනදා සිට වැඩ ආරම්භ කළ අතර, මේ වනවිට එම කමිටුවේ වාර්තාව ඒ ඒ කොට්ඨාශවලට අයත් සිතියම්ද සහිතව සම්පූර්ණයෙන් සකසා අවසන් කර ඇති බවයි වාර්තාවන්නේ.  

සීමා නිර්ණ කමිටුවේ වාර්තාව  කඩිනමින් ලබාදෙන ලෙස පළාත්පාලන සභා සහ පළාත්පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගියදා එම කමිටුව වෙත දැනුම්දී තිබුණා.

පසුගිය 30 වනදා මෙම කමිටුවේ වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතව තිබුණා.

එහෙත් එය එලෙස භාර නොදුන්නේ එම වාර්තාව දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය කිරීම සඳහා කල් ඉල්ලීම හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories