රේස් බයි රේස් සූදු මධ්‍යස්ථානයකට එරෙහිව අලුත්ගම විරෝධතා (ඡායාරූප)

Monday, 26 December 2016 - 13:04

%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නගරයේ පිහිටි රේස් බයි රේස් සූදු මධ්‍යස්ථානයකට විරෝධය පළ කරමින් අලුත්ගම නගරයේ අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා.

මේ හේතුවෙන් ගාල්ල,කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයටද බාධා එල්ල වූ බවයි ප්‍රදේ්ශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

අලුත්ගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන්ට ඉවත්වන ලෙසට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් සිය විරෝධතාව අවසන් කර තිබෙනවා.

අලුත්ගම නගරයේ පිහිටි රේස් බයි රේස් සූදු මධ්‍යස්ථානයේදී රුපියල් ලක්ෂ 28 ක මුදලක් දිනාගත් පුද්ගලයෙකුට එම මුදල ලබා නොදී අදාළ  මධ්‍යස්ථානයේ හිමිකරු එය වංචා කර ඇති බවටයි විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ. 



ඡායාරූප - අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories