අතරමං වු දරුවන් තිදෙනෙක් හැටන් පොලිස් භාරයට (ඡායාරූප)

Monday, 26 December 2016 - 14:30

%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82+%E0%B7%80%E0%B7%94+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික සුඛෝපබෝගී බස් රථයක පැමිණි ළමුන් තිදෙනෙක් හැටන් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (25) පස්වරු 4.00 ට පමණ මෙම ළමුන් තිදෙනා පොලිසිය භාරයට ගත් බවයි හැටන් පොලිසිය සදහන් කරේ.

බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවානා වතුයායේ පදිංචි මෙම ළමුන් තිදෙනා කොළඹ පෞද්ගලික බස් නැවතුම්පොලේදි පියා විසින් බස් රථයට නංවා එම ළමුන් තිදෙනාට ආහාර පාන ලබාගෙන එන බව ළමුන්ට පවසමින්  බස් රථයෙන් බැස ගොස් තිබෙනවා.

පසුව එම  ළමුන් තිදෙනාගේ පියා විසින් හැටන් පොලිසියට දුරකථනයෙන් දැනුමි දි ඇත්තේ තමුන්ගේ ළමුන් තිදෙනා බස් රථයට නංවා ආහාර පාන ලබා ගැනිමට ගිය අවස්ථාවේ බස් රථය පිටත්ව ගොස් ඇති බවයි.

තමා පැමිණෙන තෙක් ළමුන් තිදෙනා පොලිසිය භාරයේ රඳවා ගන්නා ලෙස එම ළමුන් තිදෙනාගේ පියා පොලිසියෙන් ඉල්ලිමක් කළ බවයි මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සදහන් කරේ.  

පියාගේ දුරකථනය මේවනවිට ක්‍රියාවිරහිත කර ඇති බවත් මෙම ළමුන් තිදෙනාගේ මව දැනට වසර දෙකහාමාරකට ප්‍රථම ගෘහ සේවය සදහා විදේශ ගත වී ඇති බවත් පොලිසිය සදහන් කරවා.  

ආනාරක්ෂිතව සිටින මෙම දරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හරහා පරිවාසය භාරයේ තැබිමට හැටන් පොලිසිය කටයුතු කර තිබෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories