බදුලු දුම්රියේ බෝම්බ බියක්

Tuesday, 27 December 2016 - 6:59

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටුවෙන් බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ ඊයේ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති බවට ලැබුණු තොරතුරක් මත අදාළ දුම්රිය විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පැයකට වැඩි කාලයක් එහි සිටි මගීන් ඉවත් කර දුම්රිය පරීක්ෂාවකට ලක් කළ බවයි.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය ද එක්වී තිබෙනවා.

කොටුව පොලීසියට ලද තොරතුරක් මතයි අදාළ පරීක්ෂා කිරීම සිදුකර ඇත්තේ.

කෙසේ වෙතත්, එහි සැක කටයුතු කිසිවක් නොතිබූ බව ද පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.

පසුව අදාළ දුම්රිය ප්‍රමාද වී ගමන් ආරම්භ කළ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.  

මේ අතර, උතුරු දුම්රිය මාර්ගයේ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගය හරහා අඩි 40ක පමණ දිග රේල් පීල්ලක් දමා විශාල අනතුරක් සිදුකිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

කිසියම් කඩා කප්පල්කාරී පිරිසක් විසින් අනුරාධපුර - ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයට ආසන්නයේදී පෙරේදා රාත්‍රී කාලයේදී අදාළ රේල් පීල්ල දුම්රිය මාර්ගයට දමා තිබූ බවටයි වාර්තා වන්නේ.  

එම අවස්ථාවේදී රාත්‍රී 8.15ට පමණ නගරාන්තර සීග්‍රගාමී දුම්රියක් ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය පසු කර ඇති අතර, එහිදී අදාළ රේල් පීල්ල දුම්රියේ ගැටී තිබෙනවා.

කෙසේ වෙතත්, දුම්රියේ රියදුරු විසින් මහත් පරිශ්‍රමයක් යොදා දුම්රිය නවත්වාගෙන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

යම් හෙයකින් දුම්රියේ එන්ජිම පීලි පැනීමකට ලක්වූයේ නම් විශාල අනතුරක් සිදුවීමට ඉඩ කඩ තිබූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories