සීමානිර්ණ වාර්තාව භාරදීම සතියකින් කල් යයි

Tuesday, 27 December 2016 - 13:39

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්තාව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය වෙත භාරදීම සතියකින් කල් දමා තිබෙනවා.

වැඩ බලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය පියංකර ජයරත්න ප්‍රකාශ කළේ අදාල වාර්තාවේ තාක්ෂණීක දෝෂ කිහිපයක් පවතින නිසා වාර්තාව ලබා දීමට සිමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා සතියක කාලයක් ඉල්ලා සිටි බවයි.

සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්තාව අද පස්වරුවේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට භාරදීමට හැකි වනු ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මීට පෙර ප්‍රකාශ කළා.

මේ අතර, මැතිවරණ සීමා නිර්ණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පිලිගැන්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස කොමිසම විසින් ඉල්ලීමක් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ඒ සඳහා දිනයක් ලබා දෙන බව අගමැතිවරයා කොමිසමට දන්වා ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ටද අදාළ වාර්තාව පිලිබඳ සාකච්ජා කිරිමට අවශ්‍ය බැවින් අගමැතිවරයාට වාර්තාව පිලිගන්වන අවස්ථාවේ ඔවුන් ද ඊට සහභාගි කර ගත හැකි දිනයක් ලබාදීමට අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories