කඩා වැටුණු රුසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවේ

Tuesday, 27 December 2016 - 14:04

%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
පුද්ගලයන් 92 සමඟ කළු මුහුදට කඩා වැටුණු රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගුවන් යානයේ දත්ත සටහන් ඇතුළත් කළු පෙට්ටිය හමුවූ බව රුසියානු බලධාරීන් ප්‍රකාශ කළා.

සෝචි නුවර සිට සිරියාව බලා නික්මීමේදී පසුගිය ඉරිදා මෙම ගුවන් යානය කඩා වැටුණු අතර සිරියාවේ සිටින රුසියානු හමුදා වෙනුවෙන් ප්‍රසංගයක් පැවැත්වීමට කලාකරුවන් පිරිසක් ද එහි ගමන් කර තිබෙනවා.

ඊට අමතරව ජනමාධ්‍යවේදීන් 9 දෙනෙකු ද යානයේ සිටි බව සඳහන්.

සිරියාවේ ලටාකියා ප්‍රාදේශයේ පිහිටි රුසියානු ගුවන් කඳවුරේ නව අවුරුදු උදාවේ ප්‍රසංගයක් පැවැත්වීමටයි ඔවුන් සැලසුම් කර තිබුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories