හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවමංගල්‍ය උත්සවය පිළිබදව ජනපති කළ විශේෂ ප්‍රකාශය (Update)

Tuesday, 27 December 2016 - 16:42

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%28Update%29
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක කොාළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් අභාවප්‍රාප්ත වුණා.

මියයනවිට 83 වන වියේ පසුවූ ඔහු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළා.

1933 වසරේ මැයි පස්වනදා උපන් ඔහු මිල්ලෑව ප්‍රාථමික පාසල, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, පේදුරුතුඩුව හාඞ්ලි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබාගත්තා.

ඔහු නීතිවේදියෙකු ලෙස සුදුසුකම් ලැබුවේ එක්සත් රාජධානියේදී ඊට අදාළ අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් අනතුරුවයි.

1960 වසරේ ලංකා සම සමාජ පක්ෂයෙන් හොරණ අසුන ජය ගත් රත්නසිරි වික්‍රමනායක 1962 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තා.

එතැන් සිට නිදහස් පක්ෂය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකළ ඔහු 1978 වසරේදී නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයද හොබවනු ලැබුවා.

2000 වසරේ සිට 2001 වසර දක්වා මෙන්ම, 2005 වසරේ සිට 2010 දක්වා අවස්ථා දෙකකදී මෙරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ රත්නසිරි වික්‍රමනායක මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, බුද්ධශාසන සහ වැවිළි කර්මාන්ත යන අමාත්‍ය ධූරයන්වලද කටයුතු කර තිබෙනවා.  

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ දේහය හෙට පෙරවරු 10.30 ත් 11.30 ත් අතර කාලය තුළ පාර්ලිමේන්තුවේ තැන්පත් කෙරෙන අතර, එහිදී මන්ත්‍රීවරුන්ට දේහයට අවසන් ගෞරව දැක්විය හැකි බවයි කථානායක මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

එසේම ඔහුගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබුනා.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ අභාවය සැළවීමත් සමඟ ඔහු ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික රෝහලට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ඔහුගේ අභාවය රටට සහ ජාතියට විශාල පාඩුවක් බවයි.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිරන්තර ශක්තියක් වූ බව එම ස්ථානයට පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියා.

මේ  අතර රත්නසිරි වික්‍රමනායකගේ අවසන් කටයුතු ලබන 31 වන දින හොරණදී සිදුකරන බවයි එතුමාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක කියා සිටියේ.






හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දිවිගමනේ ඡායාරූප එකතුවක් මෙන්න




     
Update :- Tuesday, December 27, 2016  5.18pm
--------------------------------------------------------------------

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ දේහය හෙට පෙරවරු 10.30 ත් 11.30 ත් අතර කාලය තුළ පාර්ලිමේන්තුවේ තැන්පත් කෙරෙනවා.

එහිදී මන්ත්‍රීවරුන්ට දේහයට අවසන් ගෞරව දැක්විය හැකි බවයි කථානායක මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

කොළඹ පෞද්ගලික රෝහලකදී හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක අද අභාවප්‍රාප්ත වූ අතර මියයනවිට ඔහුගේ වයස අවුරුදු 83 ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories