අම්බලන්ගොඩ ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

Wednesday, 28 December 2016 - 12:04

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අම්බලන්ගොඩ ධීවර වරාය ජැටියේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් සිව් දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් බලපිටිය මහේ්ස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය නියෝග කළේ සැකකරුවන්ව ලබන වසරේ ජනවාරි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි.

අම්බලන්ගොඩ ධීවර වරාය ජැටියේදී ටී. 56 වර්ගයේ ගිනි අවියකින් මෙලෙස වෙඩි තබා ඝාතනය කෙරුණේ අම්බලන්ගොඩ - හිරේවත්ත ප්‍රදේශයේ පදිංචි කේ.ඩබ්ලිව්. සුසන්ත නමැති අයෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories