මධ්‍යම පළාත් සභාව සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට එරෙහි වෙයි

Wednesday, 28 December 2016 - 12:30

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රජය විසින් අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභා රැස්වීමේදී ද අද (28) පරාජයට පත්වුණා.

ඒ ජන්ද 32කින්.

ඒ අනුව දැනට මෙම පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පළාත් සභා 04 කට ඉදිරිපත් කරනු ලැබූ අතර එම පළාත් සභා හතරේදීම මෙම කෙටුම්පත පරාජයට පත්වීම විශේෂත්වයක්.

මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිතා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගිය බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පළාත් සභා මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියා.

මෙම පනත් කෙටුම්පතට දකුණු සහ සබරගමුව පළාත් සභා රැස්වීම්වලදී ඊයේ ඡන්දය විමසනු ලැබුවා.

එහිදී දකුණු පළාත් සභාවේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 14ක් සහ විරුද්ධව ජන්ද 33ක් ලැබී තිබෙනවා.

ඒ අනුව දකුණු පළාත් සභා රැස්වීමේදී මෙම කෙටුම්පත පරාජයට පත්  වූයේ වැඩි ඡන්ද 19කින්.

එමෙන්ම සබරගමුව පළාත් සභාව රැස්වීමේදී මෙම කෙටුම්පත පරාජයට පත්වුයේ වැඩි ඡන්ද 07කින්.

ඊට පක්ෂව ඡන්ද 13ක් සහ විරුද්ධව ඡන්ද 20ක් ලැබී තිබෙනවා.

මීට පෙර මෙම පනත් කෙටුම්පත ඌව සහ උතුරුමැද පළාත් සභා වලදී ද පරාජයට පත්වුණා.

එමෙන්ම, උතුරු පළාත් සභාවට එය ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් යෝජනාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගනු ලැබුවේ ඒකමතිකවයි.

මේ අතර වයඹ පළාත් සභා රැස්වීමේදීද අද දිනයේ මෙම පණත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

එමෙන්ම බස්නාහිර පළාත් සභාවේදී මෙම කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ හෙට දිනයේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories