දුම්රියක් පීලි පැනීමෙන් 40 කට තුවාල

Wednesday, 28 December 2016 - 15:25

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+40+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයන් 40 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මැදිරි 15 ක් පමණ පීලි පැනීමට ලක්ව ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

තුවාල ලැබුවන්ගෙන් 8 දෙනෙකුගේ තත්වය බරපතල බව සඳහන්.

පාලමක් මතින් ගමන් කරමින් සිටියදී දුම්රිය පීලි පැන තිබෙනවා.

මැදිරි දෙකක් පාලමෙන් ඉවතට පෙරලී ඇති බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.

දුම්රිය පීලි පැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories