ධාවන තරඟයකදී කම්කරුවෙක් මියයයි

Thursday, 29 December 2016 - 13:18

%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නාගොඩ ප්‍රාදේශීය සභාවේ කම්කරුවෙකු ධාවන තරඟයක් අතරතුර හදිසියේ මියයාමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට අද (29) වාර්තාවුණා.

නාගොඩ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති මෙම ක්‍රීඩා උළෙල සංවිධාන කර තිබුණේ ගාල්ල - නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගිනුයි.

ඊට ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල සේවක සේවිකාවන් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්වී තිබෙනවා.

මියගිය කම්කරුවා මීටර් 1000 තරඟ ඉසව්වට අද පෙරවරුවේ සහභාගි වී ඇති අතර, ක්‍රීඩා පිටියේ වට දෙකක් ධාවනයේ යෙදීමෙන් පසු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් තරඟයෙන් ඉවත් වී තිබෙනවා.

පසුව ඔහු නාගොඩ ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි නාගොඩ පොලීසියේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ  උඩුගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි තිදරු පියෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories