ජයලලිතාගෙන් හිස් වූ පුටුවට අලුත් කෙනෙක්

Thursday, 29 December 2016 - 13:31

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
පසුගියදා අභාවප්‍රාප්ත වූ තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ සමීපතම හිතවතිය වන ශෂීකලා නඩරාජන් ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ මහ ලේකම් ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා.  

පක්ෂයේ ඒකමතික තීරණයකට අනුවයි ඇය මෙලෙස මහ ලේකම් තනතුර සඳහා පත් කිරීමට තීරණය කර ඇත්තේ.

මීට පෙර ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළේ ජයලලිතා ජයරම් විසින්.

ජයලලිතා තමිල්නාඩු වැසියන් අම්මා ලෙසත් ශෂිකලා චින්නම්මා ලෙසත් හදුන්වනු ලැබුවා.

54 හැවිරිදි ශෂිකලා නඩරාජන් මෙතෙක් පක්ෂයේ කිසිදු තනතුරක් නොදැරූ  නමුදු ජයලලිතාගේ අභාවයෙන් පසු පක්ෂයේ තීරණ සියල්ල ගනු ලැබූයේ ඇයගේ අනුදැනුම මතයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories