දිස්ත්‍රික්ක 04කට ඩෙංගු අධි අවදානමක්,4000 කට රතු නිවේදන

Friday, 30 December 2016 - 7:38

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+04%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%2C4000+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1
දිස්ත්‍රික්ක 10ක ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ ගාල්ල,ගම්පහ,කොළඹ සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය පැතිරයාමේ අධි අවදානමක් පවතින බවයි.

මේ අතර,දෙසැම්බර් මාසය තුලදී ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිසරය පවත්වාගෙන ගිය පුද්ගලයින් 4000 කට වැඩි පිරිසකට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, අද සහ හෙට යන දෙදින තුළ දිවයින පුරා තවදුරටත් මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කිරීම් සිදුකරන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ වසර තුළ පමණක් පුද්ගලයින් 48,682 දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති අතර, ඉන් පුද්ගලයින් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories