ඊසාන දිග මෝසම නිසා අදත් පළාත් කිහිපයකට වැසි

Friday, 30 December 2016 - 9:20

%E0%B6%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
ඊසාන දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බැවින් අද දිනයේදීත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, දකුණ, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයට ද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories