වාහන පැවරීම සදහා ලබාදී තිබූ සහන කාලය අදින් අවසන්

Friday, 30 December 2016 - 9:27

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
දඩ අය කිරීමකින් තොරව වාහන පැවරීම සදහා ලබා දී තිබූ සහන කාලය අදින් අවසන් වනවා.

ඒ සදහා නැවත සහන කාලයක් ලබා නොදෙන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තමන්ගේ නමට ලියාපදිංචි කර නොගත් වාහන ලියාපදිංචි කර ගැනීම සදහා වාහන හිමිකරුවන් උනන්දු කරලීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ සහන කාලය ලබාදෙනු ලැබුවා.

දැනට පවතින නීති රීති වලට අනුව වාහන ගණුදෙනුවක් සිදුවී දින 14 ක් ඇතුළත එම වාහනය නව හිමිකරුගේ නමින් ලියාපදිංචි කළ යුතුයි.

කෙසේ වෙතත් අදින් එම සහන කාලය අවසන් වන අතර, ප්‍රමාද වී ලියාපදිංචි කිරීම් සදහා දඩ මුදලක් ද අය කරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

අද පස්වරු 4 දක්වා අයදුම්පත් භාර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories