ඉන්දියාවේ පරණ මුදල් නෝට්ටු මාරු කිරීම අදින් අවසන්

Friday, 30 December 2016 - 10:57

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කර ඒ සදහා නව නෝ්ට්ටු නිකුත් කිරීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ගනු ලැබූ තීරණය අනුව එම මුදල් නෝට්ටු මාරු කිරීමේ කාල විරාමය අද රාත්‍රියෙන් අවසන් වනවා.

ඉන් අනතුරුව මාරු කිරීමට නොහැකි වන මුදල් නෝට්ටු වලංගු භාවයකින් යුක්ත නොවන බවයි ඉන්දීය බලධාරින් ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, විදේශයන්හි සිටින ඉන්දියානුවන්ට ඒ සදහා ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා කල් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

2017 වසරේ අප්‍රේල් පළමුවැනිදායින් පසු පැරණි මුදල් නෝට්ටු ළග තබා ගැනීම අපරාධයක් බවට පත් කිරීමේ නීති සකස් කිරීමට ද ඉන්දීය පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories