ඇමති හැරිසන්ගේ නිවස වැටලීමට වී මෝල් හිමියන් සැරසේ

Friday, 30 December 2016 - 12:25

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
රජයේ ගබඩාවලින් වී නිකුත් කිරීම නතර නොකරන්නේ නම් ඉදිරියේදී අමාත්‍ය පී.හැරිසන්ගේ නිවස සහ අමාත්‍යාංශය වටලන බව ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

දඹුල්ල ප්‍රදේශයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න කියාසිටියේ රජයේ ගබඩාවලින් වී නිකුත් කිරීමේදී බරපතල වංචා සිදුවන බවයි.

රජයේ වී ගබඩාවලින් වී නිකුත් කිරීමේදී බරපතල වංචා සිදුවී ඇති බැවින් එය වැළැක්වීමට පියවර ගත යුතු බවයි ඔහු එහිදී සදහන් කළේ.

එසේ නොකළහොත් විෂය භාර  අමාත්‍යවරයාගේ නිවසට හෝ අමාත්‍යාංශ පරිශ්‍රයට කඩා වදින බවයි පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories