ඉන්දියාව නිහඩ ඇයි ? - හිටපු ජනපති කියයි

Friday, 30 December 2016 - 12:27

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%A9+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමා නුදුරේදී ඉන්දියාවේ සංචාරය කිරීමට අදහස් නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

කෙසේ නමුත්, පසුගිය 2015 වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමාට ඒ සදහා විවෘත ආරාධනයක් කළ බවයි ඔහු විදෙස් මාධ්‍යවේදීන් සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවේදී සදහන් කළේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව චීනයේ, ජපානයේ සහ මැලේසියාවේ සංචාරය කළ හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කරන්නේ දැයි විමසූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා විදෙස් වාර්තාකරුවන් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඉන්දියාවට අදාළව ප්‍රකාශ කළ කරුණු පිළිබදව ඉන්දීය මාධ්‍ය අද විශේෂ ඉඩක් ලබාදී තිබුණා.

ඉන්දියාව ද බටහිර බලවේග සමග තමා බලයෙන් ඉවත් කිරීමට එක්වූ බව හිටපු ජනාධිපතිවරයා එල්ල කළ චෝදනාවක්.

ඒ කවර ආකාරයෙන් දැයි ඊයේ ඔහු වෙත ප්‍රශ්නයක් යොමුවුණා.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කර ඇත්තේ තමා ද ඒ සම්බන්ධයෙන් තවමත් සොයා බලන බවයි.

වර්තමාන රජය චීනයට මෙරට ආයෝජන ප්‍රමුඛතාවක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සදහන් කළේ.

ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය මෙන්ම, පලාලි ගුවන්තොටුපලේ පාලනය ඉන්දියාවට ලබා ගැනීමේ පොරොන්දුවක් මත ඔවුන් එලෙස නිහඩ වී සිටින බවට හිටපු ජනාධිපතිවරයා චෝදනාවක් ද කළා.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත්,වර්තමාන දේශපාලන තත්ත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරි කාලය තුළ වෙනස්විය හැකි බව ද මහින්ද රාජපක්ෂ සඳහන් කලා.

හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ 2017 වසරේදී වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බවයි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වර්තමානය වනවිට ගැටුම් ඇතිවෙමින් පවතින බවත්, එය රටේ ඉදිරි ගමනට බාධාවක් බවත් හිටපු  ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

විදෙස් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි බවද එහිදී ඔහු සඳහන් කර තිබෙනවා.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ අගමැති පදවියට පත් කෙරුණහොත් එක්ව වැඩ කළ හැකිද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකි නම් 1970 වර්ෂයේ සිට හොඳින් හඳුනන පුද්ගලයෙකු සමඟ තමන්ට වැඩ කළ හැකිය යන්නයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories