ජනපතිට, අගමැතිට සහ විපක්ෂ නායකට මරණ තර්ජන එල්ල කළ තරුණායට ඇප

Friday, 30 December 2016 - 12:44

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ව්‍යාජ ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යමින් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ විපක්ෂ නායකවරයාට මරණ තර්ජනය කළ චෝදනාවට අත්අඩංගුවට ගත් තරුණයා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු මුදා හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධත්වය පළ කළ ද ඔහු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 26 හැවිරිදි මෙම තරුණයා සොකරිනා නමින් ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යමින් ඊට මරණීය තර්ජනය කරන හඩපටය ඇතුළත් කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබූයේ පසුගිය 8 වැනිදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories