තඹලගමුවේදී සැමියා, බිරිදට ගිනි තබයි

Friday, 30 December 2016 - 12:49

%E0%B6%AD%E0%B6%B9%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
කන්තලේ - තඹලගමුව ප්‍රදේශයේදී සැමියා බිරිදට ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා.

ඊයේ රාත්‍රියේ තඹලගමුව - යාය 10 ප්‍රදේශයේදී මෙම ගිනි තැබීම සිදුව ඇති බවයි තඹලගමුව පොලිසිය ප්‍රකාශ කළේ.

ගිනි තැබීමෙන් බරපතල තුවාල ලැබූ 53 හැවිරිදි බිරිද මේ වනවිට බරපතල තත්ත්වයෙන් කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

 බිරිදගේ අනියම් සබදතාවක් පිළිබදව ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් සැමියා විසින් මෙලෙස බිරිදගේ සිරුරට ගිනි තබා ඇති බවයි තඹලගමුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories