පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

Friday, 30 December 2016 - 14:07

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
ඊසානදිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සැලකිය යුතු වර්ෂාපතනයක් නොමැති වුව ද දකුණ / සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

එමෙන්ම දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං ද බලාපොරොත්තු වනවා.

මේ අතර කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50-55 ක් දක්වා වැඩි වීමේ අවධානමක් පවතිනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රලු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කලේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories