දුම්රිය බම්බු ගේට්ටුකරුවන් හෙට වර්ජනයේ

Friday, 30 December 2016 - 16:51

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94+%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
වැටුප් ගැටළු මුල් කරගෙන හෙට උදෑසන 6 සිට අනිද්දා උදෑසන 6 දක්වා පැය 24ක කාලයක් සිය රාජකාරිවලින් ඉවත් වන බව අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම සංගමයේ සභාපති  ජේ.ඒ.සී.ප්‍රේමලාල් කියා සිටියේ සිය මාසික වැටුප රුපියල් 5000කින් වැඩි කර ගැනීම එහි අරමුණ බවයි.

දැනට ඔවුන්ට රුපියල් 7500ක දීමනාවක් ලැබෙන අතර එය රුපියල් 5000කින් වැඩි කරන ලෙස ඉල්ලා මීට පෙර ද අවස්ථා කිහිපයකදී අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories