සහල් මිලේ ප්‍රශ්නය උසාවි යයි

Friday, 30 December 2016 - 18:15

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සහල් මිල ඉහළ යෑමට සහ රජය සතු වී අත්තනෝමතික ලෙස වෙළඳපොලට නිකුත් කිරීමට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

අද පෙරවරුවේ දඹුල්ලේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියා.

මාධ්‍ය හමුවට සහල් මෝල් හිමියන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් එක්ව සිටියා.

ඔවුන් මාධ්‍ය හමුවට මහා පරිමාණ සහ කුඩා පරිමාණ සහල් මෝල්වලින් නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 5හේ සහල් මළු දෙකක් ද රැගෙන විත් තිබුණේ සහල් මිල වැඩිවීම සහ ගුණාත්මකභාවය පිළිබද කරුණු පැහැදිලි කිරීමටයි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සමස්ත ලංකා ගොවිජන සම්මේනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේ පවතින ගැටලූවට විසඳුම් නොලැබුනහොත් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන්ගේ නිවස හෝ අමාත්‍යාංශය වටලන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories