විදුලි අර්බුදයකට මුහුණ දෙන්න, අතිරේක ඉන්ධන ආනයනයට පියවර

Saturday, 31 December 2016 - 12:40

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
ඉදිරියේදී ඇති විය හැකි නියඟයකදී විදුලි සැපයුමට බාධා එල්ල වන්නේ නම් ඊට මුහුණදීම සඳහා තාප විදුලි ජනනය ඉහළ නැංවීමට පියවර ගැනෙනවා.

ඒ සඳහා අතිරේක ඉන්ධන තොග ආනයනය කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළේ.

පවතින වියලි කාලගුණය හේතුවෙන් ඉදිරියේදී විදුලිය සැපයීීමේ ගැටළු සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ද දැනුම්දී තිබුණා.

ඒ අනුව ඊට මුහුණදීම සඳහා නිර්දේශ මාලාවක් විදුලිබල මණ්ඩලය වෙත යොමුකළ බවයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ.

දිගුකාලීන ජනන සැලැස්මේ අඩංගු විදුලි බලාගාර නියමිත දිනට පද්ධතියට එකතු කිරීම, සූර්යබල සංග්‍රමය වැඩසටහන යටතේ ගෘහස්ථව නිෂ්පාදනය කරන විදුලිය කඩිනමින් විදුලි පද්ධතියට එක් කිරීම, පෞද්ගලික කර්මාන්තශාලා සහ ගොඩනැගිලි සතුව තිබෙන ස්වයංජනන යන්ත්‍ර මගින් විදුලිය ජනනය කිරීමට අවස්ථාව ලබාදීම සහ දැනට පවතින තාප බලාගාරවලින් උපරිම ධාරිතාවයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම එම නිර්දේශ වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories