ඒකාබද්ධ විපක්ෂයට අලූත් අපේක්ෂාවක්

Saturday, 31 December 2016 - 12:39

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වත්මන් ආණ්ඩුව පෙරලා දැමීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හැකියාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

හෝමාගම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත්වීමක් ඉදිරියේදී සියල්ලන්ට දැක ගත හැකි වනු ඇති බවයි.

යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ ජනප්‍රිය දේශපාලනය නොව රටට අවශ්‍ය දේශපාලන ක්‍රියාවලියක් බව විදේශ රැකියා කටයුතු අමාත්‍ය තලතා අතුකෝරාල පවසනවා.

රත්නපුර - නිවිතිගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

මේ අතර, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වුණා.

ඊයේ රාත්‍රියේ ඊට අදාළ  ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී ඇති බවත් ඔහුට අයත් නිළ රථය ද භාරදීමට පියවර ගත් බවත් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න සම්බන්ධ කර ගැනීමට අප නොයෙක් අවස්ථාවන් හිදී උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණා.

රාජ්‍ය අමාත්‍යවරයාට අයත් ජංගම දුරකථන දෙක ඔස්සේ ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එම දුරකථන දෙකම ක්‍රියා විරහිත කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories