හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න ලබන 9 වන දා දක්වා රිමාන්ඩ්

Monday, 02 January 2017 - 15:10

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+9+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අද අත්අඩංගුවට ගැනුණු හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයකට ලබාදුන් රුපියල් ලක්ෂ 112 ක මුදලක් වංචා කළ බව කියන සිද්ධිය  සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

එම අවස්ථාවේදියි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. මෙම සිද්ධිය පිළිබඳව බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව මගින්ද විමර්ශනයක් සිදුකළා.

එමෙන්ම හිටපු ප්‍රවාහන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට එරෙහි නඩුව ලබන මාර්තු මස 2 වනදා දක්වා කල් තැබීමට ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල අද නියෝග කළා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපති තනතුරක් අලුතින් නිර්මාණය කර ඊට පත්වූ පුද්ගලයාට වැටුප් සහ දීමනා ලෙස රුපියල් ලක්ෂ 32 ක මුදලක් ගෙවීම තුළින් දූෂණයක් සිදුකළ බවට මොහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

මේ අතර, ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මේ මස 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඔහු මීට පෙර පසුගිය දෙසැම්බර් මස 23 වනදා අධිකරණය හමුවට පමුණුවනු ලැබූ අතර, එහිදී නියෝග කෙරුණේ අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සඳහා රුපියල් පන්කෝටි දාහත් ලක්ෂයකට ආසන්න රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගැණුනේ පසුගිය නොවැම්බර් මස 18 වනදායි.

හිටපු තානාපතිවරයා අද දින අධිකරණය වෙත ඉදිරිපත් නොකෙරුණු අතර, ඔහු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි බන්ධනාගාර නිලධාරින් අධිකරණයට දැනුම් දී සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories