විල්පත්තු වන සංහාරයේ වාර්තාව අද ජනපතිට

Tuesday, 03 January 2017 - 8:30

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
විල්පත්තු ජාතික වනෝද්‍යානයට ආසන්නයේ පිහිටි විලත්තිකුලම් ප්‍රදේ්ශයේ වන සංහාරය සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාවක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිත බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අනුර සතරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වන සංරක්ෂණ නිලධාරීන් පසුගිය 31 වන දා විලත්තිකුලම් ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මෙම වාර්තාව සකසා ඇති බවයි.

මෙහි වන සංහාරය පිළිබදව හිරුසී.අයි.ඒ.ඔස්සේ දිගින් දිගටම කරුණු අනාවරණ කළ අතර ඉන් පසු ඒ පිළිබඳ සොයා බැලීමට ජනපති නියමයෙන් නිලධාරීන් කණ්ඩායමක් යොදවනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories