වොක්ස්වැගන් කම්හලට මුල්ගල් තැබේ

Tuesday, 03 January 2017 - 16:54

%E0%B7%80%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B7%8A
කුලියාපිටිය - ලබුයාය ප්‍රදේශයේ ඉදි කෙරෙන යුරෝපා මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානය සඳහා මුල් ගල් තැබීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ වොක්ස්වැගන් ඇතුලූ යුරෝපයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ මෝටර් රථ මෙම කර්මාන්තශාලාවේ එකලස් කිරීම සිදුවනවා.

කර්මාන්තශාලාව මගින් ඍජු රැකියා 3000 ක් සහ වක්‍ර රැකියා 10 000 ක් බිහිකිරීමට සැළසුම් කෙරෙන අතර මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුුණු ආයතනයක්ද එහි පිහිටුවීමට නියමිතයි.

කර්මාන්තශාලාවට මුල්ගල තැබීමේ උත්සවය අමතමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ රජයේ අරමුණ ඉටුකරමින් මෙම නව කර්මාන්තශාලාව බිහිවන බවයි.

වසර ගණනාවක් පුරා යුද්ධයකට මුහුණදුන් රටක් ලෙස ජනතාව මත ඇති පීඩනය අවම කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවද ඔහු කියා සිටියා.

මේ අතර රට සහ ජනතාව වෙනුවෙන් අවංකව සේවය කිරීමට රාජ්‍ය සේවකයන් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති උත්සවයකදියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories