ටොප් ටෙන් පස්වෙනි පැමිණිල්ල

Wednesday, 04 January 2017 - 14:04

%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
ඒකාබද්ධ විපක්ෂයේ ‘‘ටොප් ටෙන්’’ යටතේ වත්මන් ආණ්ඩුව සිදුකරන දූෂණ වංචා පිළිබදව පස්වන පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (04) භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුම සකස් කළ ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.පාස්කරලිංගම්ට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකරන බවයි.

එමෙන්ම, වරාය නිලධාරින් සහ අදාළ ගිවිසුම අත්සන් කිරීමට සම්බන්ධ වූ වරාය, ජාත්‍යන්තර වෙළද කටයුතු සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන්ද මෙම පැමිණිල්ල මගින් වගඋත්තරකරුවන් කර ඇති බව ඔහු කියා සිටියා.

එහිදී තවදුරටත් අදහස් දක්මින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කළේ ඉදිරියේදී චීන සමාගම සමඟ අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම වරාය පනතට පටහැනි බවට ද නීතිපතිවරයා දැනුම්දී ඇති බවයි.    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories