දුම්රියක සැකකටයුතු යමක් ඇති බවට ව්‍යාජ ඇමතුමක් දුන් තරුණියට ඇප

Wednesday, 04 January 2017 - 15:59

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
කොළඹ - කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක බෝම්බයක් ඇති බව පවසමින් 1 1 9 ය පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ ඇමතුමක් ලබාදුන් තරුණිය ඇප මත මුදාහැරුණා.

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ සැකකාරිය රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.

18 හැවිරිදි කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන මෙම තරුණියට අද පොලීසියට පැමිණෙන ලෙස දැනුම්දීමෙන් අනතුරුව ඇයව අත්අඩංගුවට ගත් බවයි කොටුව පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

පසුගිය දෙසැම්බර් 26 වනදා බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියක සැකකටයුතු යමක් ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට මෙම තරුණිය ඇමතුමක් ලබාදී තිබුණා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය ද කැදවා පැය 2 කට ආසන්න කාලයක් පරීක්ෂාවට ලක් කළත් සැකකටයුතු කිසිවක් දුම්රිය තුළ තිබී හමුවූයේ නැහැ.

අනතුරුව පොලිසිය මේ පිළිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර, එහිදී අනාවරණ වූයේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමග විවාහ වීමට අදාළ දුම්රියෙන් යන බවට ලැබුණු තොරතුරක් මත එම දුම්රිය නවත්වා ගැනීම සදහා තරුණයාගේ පෙම්වතිය මෙම ඇමතුම ලබාදී ඇති බවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories