7 වනදා ගිවිසුමට චීන සමාගමෙන් කොන්දේසියක් - ඒකාබද්ධ විපක්ෂය

Wednesday, 04 January 2017 - 18:12

7+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
හම්බන්තොට - මාගම්පුර වරාය ගිවිසුම අත්සන් කිරීම සඳහා චීන සමාගම රජයට කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළා.

ඒ අනුව වරාය අධිකාරිය අදාළ ගිවිසුමට අත්සන් කළහොත් පමණක් තමන් එම ගිවිසුමට අත්සන් කරන බව අදාළ සමාගම දැනුම්දී ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය කොළඹ දී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ අතර මාගම්පුර වරාය චීන සමාගමකට පැවරීමේදී  රාජ්‍ය මුදල් අවභාවිතා කළ බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය අද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම හමුවේ පැමිණිල්ලක් ද ගොනු කළා.

මහින්ද යාපා අබේවර්ධන, රංජිත් සොයිසා, පවිත්‍රා වන්නිආරච්චි, පියල් නිශාන්ත යන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ.  

ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.පාස්කරලිංගම්ට එරෙහිවයි.

එමෙන්ම, වරාය නිලධාරින් සහ අදාළ ගිවිසුම අත්සන් කිරීමට සම්බන්ධ වූ වරාය, ජාත්‍යන්තර වෙළඳ කටයුතු සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන්ටද මෙම පැමිණිල්ලෙන් චෝදනා එල්ල කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories