ගුරු ගැටලුවට විසඳුම් ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා

Thursday, 05 January 2017 - 8:05

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
ගුරු ගැටලුවට විසඳුම් ඉල්ලා බලධාරීන්ට බල කෙරෙන විරෝධතා කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවැත්වුණා.
 
බලපිටිය - හීනටිය මහා  විද්‍යාලයේ 5 ශ්‍රේණියට ගුරුවරයෙකු නොමැති බවට පවසමින් සිසුන් සහ මව්පියන් පිරිසක් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

ඔවුන් චෝදනා කළේ වසර ගණනාවක සිට පවතින ගුරු හිඟයට තවමත් විසඳුමක් නොලැබුණු බවයි.
 
මේ අතර ගලේවෙල අධ්‍යාපන කලාපයේ පාසල් 108 ක් ගුරු මාරුවීම් තාවකාලිකව නතර කරදෙන ලෙස ඉල්ලා කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට මව්පියන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.
 
පසුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව මව්පියන් කිහිපදෙනෙකු සාකච්ඡාවකට කැඳවු අතර ඊට කලාපයේ ගුරු මාරු මණ්ඩලය නියෝජනය කරන දේශපාලන පක්ෂ  ගුරු නියෝජිතයන් ද එක්ව සිටියා.
 
කෙසේ වෙතත් එහිදී ගුරු මාරු මණ්ඩලය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා සාකච්ඡාවෙන් ඉවත් වූයේ මාධ්‍ය වේදීන්ට ද චෝදනා කරමින්.

පසුව එම ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් සභාවේ  සභාපති එල්.ඩී නිමලසිරි මහතා දැනුම් දුන්නේ ප්‍රධාන අමාත්‍යවරයාගේ නියෝගයක් අනුව කලාපයේ සියලු පාසල්වල 5 ශ්‍රේණියේ ඉගැන්වීම්වල නිරත ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් සැප්තැම්ර් මාසය දක්වා අත්හිටවූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories