සීමා නිර්ණය අද දෙයි

Thursday, 05 January 2017 - 12:28

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සීමා නිර්ණ අභියාචනා කමිටු අවසන් වාර්තාව අද (04) දිනයේ යලි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දීමට නියමිත බව එම කමිටුවේ සභාපති අශෝක පීරිස් පවසනවා.

ඔහු කියා සිටියේ ඊයේ දිනයේදී අභියාචනා කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් අදාල වාර්තාව අත්සන් කළ බවයි.

ඒ අනුව මේ වනවිට අදාල වාර්තාවට කමිටු සාමාජිකයන් සිව් දෙනෙකු අත්සන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙතෙක් වාර්තාවට අත්සන් කර නොමැති එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත නීතිඥ එස්. මිස්බා අද දිනයේදී ඊට අත්සන් කරනු ඇති බවයි කමිටු සභාපතිවරයා කියා සිටියේ.

පළමු වරට මෙම වාර්තාව පසුගිය දෙවැනිදා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දුන් අතර ඔහු එය ප්‍රතික්ෂේප කළේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් මෙම වාර්තාවට අත්සන් කර නොතිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් අද දිනයේදී යලිත් මෙම වාර්තාව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දෙන බවයි සීමානිර්ණ අභියාචනා විමර්ශන කමිටුවේ සභාපති අශෝක පීරිස් හිරු ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories