වෛද්‍යවරුන් 14 දෙනෙකුගේ විදෙස් සංචාරය ගැන CI D යෙන් පරීක්ෂණ

Thursday, 05 January 2017 - 18:37

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+CI+D++%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙකු විදෙස් සම්මන්ත්‍රණයකට එකවර සහභාගි වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.

පසුගියදා මෙම වෛද්‍යවරුන් පිරිස සම්මන්ත්‍රණයකට සහභාගි වීමට බව පවසමින් නෝර්වේ බලා පිටත්ව ගොස් තිබුණා.

ඒ පිළිබඳව සැක මතුවන බැවින් විමර්ශනයක් සිදුකර වාර්තාවක් සපයන ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දී ඇත්තේ.

කිසියම් ඖෂධ සමාගමක මූල්‍ය ප්‍රතිපාදන මත මෙම වෛද්‍යවරුන් විදෙස් සංචාරයකට සහභාගි වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

මේ හේතූන් මත සංචාරයට සහභාගි වූ වෛද්‍යවරුන්ගේ බැංකු ගිණුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කිරීමට ද නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, පිළිකා රෝගීන් සඳහා ලබාදෙනු ලබන රුසියාවෙන් ආනයනය කරන ලද ඖෂධය රෝගීන්ට නිර්දේශ නොකරන වෛද්‍යවරුන් පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළ විමර්ශන වාර්තාව එළඹෙන සඳුදා සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදීමට නියමිතයි.

අදාළ ඖෂධය නිර්දේශ නොකරන වෛද්‍යවරුන්ට එරෙහිව ද විනයානුකූල පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උපදෙස් ලබාදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories