පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

Friday, 06 January 2017 - 8:06

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාතික පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරී හෙට්ටිගේ සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

සභාපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය ව්‍යවස්ථා සභාව වෙත යොමුකර ඇති බව සඳහන්.

ජර්මානු විශ්වවිද්‍යාලයක තාවකාලික ආචාර්ය ධුරයක් සඳහා පිටත්ව යාම මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස පොලිස් කොමිසමේ සභාපතිවරයා විසින් දන්වා ඇති බවයි එහි ලේකම් ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

සභාපතිවරයා ඉල්ලා අස්වීමෙන් අනතුරුව රැස්වු එහි සාමාජිකයන් වැඩ බලන සභාපතිවරයා ලෙස කොමිසමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන නීතිඥ පී.එච්.මනතුංග තෝරා පත්කරගෙන තිබෙනවා.

ඔහුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොමිසමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බවයි පොලිස් කොමිසමේ ලේකම්වරයා කියා සිටියේ.

කෙසේ නමුත්, ජර්මනියේ සිට යළි මෙරටට පැමිණි පසු සාමාජිකයෙකු ලෙස යළි පොලිස් කොමිසමේ සේවය කිරීමට සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ මහාචාර්ය සිරී හෙට්ටිගේ කැමැත්ත පළ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories