ඇන්ටාක්ටිකාවේ දැවැන්ත හිම කුට්ටියක් වෙන් වෙයි

Friday, 06 January 2017 - 8:10

%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දක්ෂිණ ධ‍්‍රැවයේ පිහිටි හිමෙන් වැසුණු ඇන්ටාක්ටිකා මහද්වීපයේ දැවැන්ත හිම කුට්ටියක් ඉන් වෙන්වීමට ආසන්න වී ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

ලාසන් - සී ලෙස නම් කෙරුණු වර්ග කිලෝමීටර් 5000 ක් පමණ වන මෙම දැවැන්ත හිම කුට්ටිය දැන් මහද්වීපයට සම්බන්ධ වී ඇත්තේ කිලෝමීටර් 20 ක පමණ සියුම් හිම තීරුවකින්.

ලාසන් - සී, මීටර් 350 ක් පමණ ඝණැති අයිස් තට්ටුවක් වන අතර ඇන්ටාක්ටිකා මහද්වීපයේ බටහිර කොටස සම්බන්ධ වී ඇත්තේ ඊට පෝෂණය ලබාදෙමින්. මිහිතලය උණුසුම් වීමේ සංසිද්ධිය මෙලෙස ඇන්ටාක්ටිකාවේ හිම තට්ටු බිදීයාමට හේතුව ලෙස සැලකෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories