ආනයනික සහල් මත පනවා තිබූ බදු අඩු කෙරේ

Saturday, 07 January 2017 - 8:07

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ආනයනික සහල් මත පනවා තිබූ සියලු බදු ඉවත් කර රුපියල් 15ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පමණක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට ආනයනික සහල් කිලෝග්‍රෑමයක් මත අදාළ රුපියල් 15ක බද්ද ක්‍රියාත්මක වනු ඇති.

මීට පෙර රේගු බදු ඇතුළුව බදු වර්ග 4ක් ආනයනික සහල් මත ක්‍රියාත්මක වුණා.

ඒ අනුව  ඕනෑම පාර්ශවයකට සහල් ආනයනය කිරීමට ද හැකියාව සැලසෙනවා.

මීට අදාළ නිවේදනය නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ නියඟය හේතුවෙන් ඉහළ ගිය සහල් මිල පිළිබඳ සලකා බලා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි.

සම්බා, නාඩු සහ රතු කැකුළු සඳහා මෙම සහනය හිමි වන අතර, බාස්මතී සහල් සඳහා එය අදාළ වන්නේ නැහැ.

ජීවන වියදම පහත හෙලීමේ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව මෙම තීරණය ගෙන ඇති අතර, අනවශ්‍ය ලෙස සහල් තොග සඟවාගෙන ඉහළ මිලට අලෙවි කළ කූඨ වෙළඳුන්ට ද මෙමගින් ප්‍රතිචාර දක්වන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories