රුහුණු සංවර්ධන කලාපය මුල් ගල් තැබීම අද - හම්බන්තොටට විශේෂ ආරක්ෂාවක්

Saturday, 07 January 2017 - 8:24

%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+-+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රුහුණු සංවර්ධන කලාපයට මුල් ගල තැබීමේ සමාරම්භක උත්සවය අද හම්බන්තොට දී ආරම්භ වනවා.

පාර්ලිමේන්තු, ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අද ආරම්භ වන බවයි.

හිරු ප්‍රාදේශීය වාර්තාකරු සනත් ගමගේ කියා සිටියේ අදාළ උත්සවය හේතුවෙන් හම්බන්තොට නගරයේ ආරක්ෂාව ද තර කර ඇති බවයි.

මේ අතර, හම්බන්තොට ප්‍රදේශයේ තෝරා ගත් ස්ථාන 6ක අද සිට දින 14ක කාලයක් උද්ඝෝෂණ, පෙළපාලි, රැස්වීම් පැවැත්වීම හෝ ඊට නායකත්වය දීම තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ, හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය තුළ අද දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වමින් මහජන සාමයට අහිතකර වූ තත්ත්වයක් ඇති කිරීමට නියමිත බවට පොලීසිය අධිකරණයට කළ දැනුම් දීමකින් අනතුරුවයි.

අදාළ නියෝගය වග උත්තරකරුවන් 26 දෙනෙකු වෙත ලබාදෙන ලෙස ද අධිකරණය පොලීසියට නියෝගයක් නිකුත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories