ඒකාබද්ධ විපක්ෂය නව බලවේගයක් ඉල්ලයි

Saturday, 07 January 2017 - 18:17

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වර්තමාන අණ්ඩුවේ මර්දනකාරී වැඩපිලිවෙලට එරෙහි නව බලවේගයක අවශ්‍යතාව මතු වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති විරෝධතාවයෙන් අනතුරුව අද (07) කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා.

‘‘යූ.ඇන්.පී. කාරයට යූ.ඇන්.පී. කරන්න රටක් තියෙන්නට  ඕන. ජේ.වී.පි. කාරයට ජේ.වී.පි. කරන්න රටක් තියෙන්න  ඕන. ටී.එන්.ඒ. කාරයට උතුරේ ටී.එන්.ඒ. දේශපාලනය කරන්න, මුස්ලිම් කොංග්‍රසයට දේශපාලනය කරන්න රටක් ඉතුරු වෙන්නට  ඕන. අපි කරන්නේ ඒ සටන. මේක අපිට මනාප හදාගන්න සටනක් නෙවෙයි. හම්බන්තොට ඇවිල්ලා කදුළු ගෑස් කාලා, ගල් පාරවල් කාලා, ජල ප්‍රහාරවලට මුහුණ දීලා, අපේ කාලය ශ්‍රමය ජීවිත දන්දෙන්න අපි ආවේ මනාප ගැන හිතලා නෙවෙයි, ඡන්ද ගැන හිතලා නෙවෙයි. මේක මේ රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. නිල් කොඩිය, රතු කොඩිය, කොල කොඩිය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ජාතික කොඩිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ මොහොතේ හම්බන්තොට පවිත්‍ර භූමිය, අපවිත්‍ර කරපු මේ පාලකයන්ට එරෙහිව අපි ආරාධනා කරනවා සමස්ත රටේම නව ජාතික බලවේගයක් විදියට මේ භූමිය ආරක්ෂා කිරීම සඳහා වූ පරම පවිත්‍ර චේතනාවෙන් අපි සියලූ භේද අත්හැරලා එකට එකතු වෙන්නට  ඕන කියන ආරාධනය මේ අවස්ථාවේ කරන්නට  ඕනා.’’

යනුවෙන් ඔහු එහිදී සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවට භික්ෂු සංවිධාන කිපයක්ද එක්ව සිටි අතර, එහිදී අදහස් දැක්වු රාවනා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තැකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ

‘‘එදා වේලා හරි හම්බ කරගෙන අමාරුවෙන් ජීවත් වෙන මේ ආදරණීය අම්මලා තාත්තලා දරුවෝ අද බැටන් පොලූ ප්‍රහාරවලට ලක්වුණා. ගෞරවණීය හාමුදුරුවරුන්ගේ ඔලූ පැලූවා. ඒ හාමුදුරුවරු අද ඉස්පිරිතාලවල ඉන්නවා. ගෙවල්වලට කදුළු ගෑස් ගැහුවා. ඒ තරම් මේ ආණ්ඩුව අද මෙහෙමයි හැසිරෙන්නේ. මහින්ද අමරවීර කියනවා හම්බන්තොට ඉපදුනේ එයා හම්බන්තොට මැරෙන්නේ කියලා. හැබැයි හම්බන්තොට විකුණන පාප කර්මයට අත ගැහුවේ කොහොමද කියලා අපි අහන්න කැමතියි. ඒක නිසා ආණ්ඩුවට කියනවා අපි බලහත්කාරයෙන් කරන මේ ඉඩම් මංකොල්ලය වහාම නතර කරපන් මහත්තයෝ, එහෙම නැත්නම් ඔබලාට ගෙදර යන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා.’’

යනුවෙනුයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories