අගමැති ආරක්ෂක අංශය අත්පත් කර ගත් හිරු ටී වී ඩ්‍රෝන කැමරාව යළි භාරදෙයි

Saturday, 07 January 2017 - 20:00

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට ශ්‍රී ලංකා - චීන කර්මාන්ත හා මනාසංවිධාන කලාපය සමාරම්භක උත්සවය අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වය වාර්තා කිරීමට භාවිත කළ හිරු ටී වී ඩ්‍රෝන කැමරාව අගමැති ආරක්ෂක අංශය විසින් අත්පත් කරගත්තා.

අද පස්වරුවේ එම කැමරාව අප නිෂ්පාදක කණ්ඩායමට භාර දුන්නද දර්ශන අඩංගුව තිබූ දත්ත ගබඩාව මේ වන තෙක් ලබා දී නැහැ.

හම්බන්තොට ශ්‍රී ලංකා - චීන කර්මාන්ත හා මනාසංවිධාන කලාපය සමාරම්භක උත්සවය ආරම්භයට පෙර සිටිම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් මතුවී තිබුණා.  

මෙම සිදුවීම වාර්තා කිරීමට එම ප්‍රදේශයට ගිය හිරු ටී වී ප්‍රවෘත්ති නිෂ්පාදක කණ්ඩායම සතු ඩ්‍රෝන කැමරාව ගුවන් ගතකර ගැටුම්කාරී සිදුවීම් රූගත කළා.

කෙසේ වෙතත් ඩ්‍රෝන ගුවන් යානාව නැවත භූමිගත කළ පසු එම ස්ථානයට පැමිණි ආරක්ෂක අංශයේ බවට සැක කළ හැකි කණ්ඩායමක් හිරු ටී වී ඩ්‍රෝන කැමරාව ඔවුන් භාරයට ගත්තා.

එම අවස්ථාවේදී අදාළ ආරක්ෂක අංශ නිලධාරීන් ඩ්‍රෝන කැමරාව ඔවුන් භාරයට ගනු ලබන්නේ කුමන හේතුවක් නිසාදැයි අප නිෂ්පාදක කණ්ඩායම දැනුවත් කර නැහැ.

පසුව අප සිදුකළ සොයා බැලීමකදී හෙළිවූයේ ඔවුන් අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනියුක්ත නිලධාරීන් බවයි.

අප මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගත්තා.

ඉන්පසු අප ඇමතූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය මහතා කියා සිටියේ අදාළ ඩ්‍රෝන කැමරාව නැවත භාරදීමට කටයුතු කරනා බවයි.

පසුව ඩ්‍රෝන කැමරාව හම්බන්තොට තරු පන්තියේ හෝටලයකදී අග්‍රමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් ගෙනවිත් භාරදුන්නේ එහි ගිය අප නිෂ්පාදන කණ්ඩායමට භාරදුන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරියේයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගත් අප කැමරාවේ තිබූ දත්ත ගබඩාව මේ වන තෙක් ලබාදීමට කටයුතු කර නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories