රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවට එරෙහි බලවේග චෙන්නායි නුවරට කැඳවයි

Sunday, 08 January 2017 - 7:56

%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා දෙමළ බෙදුම්වාදියෙකු ලෙස සැළකෙන විශ්වනාදන් රුද්‍ර කුමාරන් හෙට චෙන්නායි නුවරදී රැස්වීමක් කැඳවා තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයේ නායකයෙකු වන ඔහු අන්තර්වාර ඊළාම් රාජ්‍යයක නායකයා ලෙසයි හඳුන්වාගන්නේ.

මෙරට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ප්‍රශ්න කරමින් මෙම කණ්ඩායම අදාළ යෝජනාව සකස් කිරීමට සූදානම් වන බවද සඳහන්.

විශේෂයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වන බව මෙම යෝජනාවට ඇතුළත් කර තිබෙනවා.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන වගන්තිය මගින් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අයිතිය අහුරා ඇති බවයි රුද්‍රකුමාරන්ගේ කණ්ඩායම ප්‍රකාශ කරන්නේ.

ඊට එරෙහිවයි ඔවුන් ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇත්තේ.

මේ අතර, පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී විදෙස් විනිසුරුවරුන්ගේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ කිසිසේත් එවැන්නකට ඉඩදීමට ජනාධිපතිවරයා සූදානම් නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories